නවතම පුවත්

බුදු දහම සහ බොදු උරුමය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනෙහි ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් බුදු දහම සහ බොදු උරුමය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනෙහි ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් 2022 පෙබරවාරි 02 වන දින ටාජ් සමුද්‍රා හෝටලයේදී සංවිධානය කර තිබිණ. අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ වෙනත් සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම උත්සවයට සහභාගී වූහ.

බුදුන් වහන්සේගේ ජීවිතය සහ බුදු දහම හා සම්බන්ධ විවිධ ස්ථාන සම්බන්ධයෙන් වූ මෙම ප්‍රශ්න විචාරාත්මක තරඟය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ දහම් පාසල්, පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කර තිබිණ. 2021 දෙසැම්බර් මාසයේදී දිවයින පුරා පිරිවෙන් 800ක පමණ පැවති මෙම තරඟයට අවුරුදු 14 – 22 වයස් කාණ්ඩයේ තරුණ තරුණියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගී වූහ. වට තුනකින් සමන්විත වූ මෙම තරඟයේ පළමු වටය පිරිවෙන් මට්ටමින් ද දෙවන වටය පළාත් මට්ටමින් ද තෙවන වටය ජාතික මට්ටමින් ද පැවැත්විණ. තරඟකරුවන් 6000ක් පමණ මෙම තරඟය සඳහා සහභාගී විය. තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ගරු අධ්‍යාපන අමාත්‍යතුමා සහ මහ කොමසාරිස්තුමා අතින් සහතිකපත් සහ තිළිණ ප්‍රදානය කෙරිණ. අවසාන මහා ත්‍යාගය ලෙස ජයග්‍රාහකයන්ට ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වෙත දින 5ක සංචාරයකක් හිමි වනු ඇත. එක් සහකරුවකු රැගෙන යාමේ අවසථාව ද ඔවුන්ට හිමි වනු ඇත.

. මෙම අවස්ථාව අමතමින් මහ කොමසාරිස්තුමා තරඟාවලිය සංවිධානය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් සහයෝගයට සිය ස්තුතිය පළ කළේය. බොදු උරුමය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වැදගත් ශිෂ්ටාචාරමය බැඳීමක් ඇති කරන බව ද මෙම තරඟය දෙරටට පොදු බෞද්ධ සංස්කෘතික උරුමය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සහ ජනතාව අතර බැඳීම් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බව ද එතුමා ප්‍රකාශ කළේය. තරඟයේ ජයග්‍රාහකයන් ඉන්දියානු රජය සාදරයෙන් පිළිගන්නා බව ද එතුමා සඳහන් කළේය. මෙම අවස්ථාව අමතමින් ගරු අධ්‍යාපන අමාත්‍යතුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නිදහසෙන් 75 වන වසර සමරන බව සිහිපත් කළේය. දෙරට නිදහස් සටනේ විරුවන් අතර පැවති සමීප සබඳතා ද එතුමා සිහිපත් කළේය. විශේෂයෙන්ම බොදු සබඳතා ශක්තිමත් කිරීම ඇතුළු අනෙකුත් සියළු අංශ සඳහා ඉන්දියානු රජය සහ නායකත්වය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය එතුමා අගය කළේය.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය ඉන්දීය විදේශ අමාත්‍යතුමා විසින් 2022 ජනවාරි 26 වන දිනට යෙදුණු ජනරජ දින සමාරම්භ කරන ලද 75 වන ඉන්දීය නිදහස් දින සැමරුම් සතිය නිමිත්තෙන් මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන වැඩසටහන් වලින් එකකි.

බෞද්ධ ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් මෑතකදී ගන්නා ලද පියවර අතර බොදු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇ. ඩො. මිලියන 15ක විශේෂ ප්‍රදානයක් ද වේ. මෙම අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට දෙරට රජයන් කටයුතු කරමින් සිටියි. කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම, 2021 වප් ⁣පුන් පොහෝ දින ශ්‍රී ලංකාවෙන් පළමු ජාත්‍යන්තර ගුවන් යානය එහි ළඟා වීම සහ 2021 ඔක්තෝබර් මස ඉන්දියාවේදී වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම ද මෑත කාලීන වැදගත් සිදුවීම් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්