කඩා දමන ලද කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණ කටයුතු අද සිට ආරම්භ කරන ලෙස රජය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ඊට අදාළ උපදෙස් දැනටමත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිකුත් කර ඇති බවද වාර්තාවේ.
මේ අතර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අදාළ පරිශ්‍රයට ඇතුළු වන නිලධාරීන් ඇතුළු සේවකයින්ගේ නම් ලැයිස්තුවක් සකස් කරන ලෙසද අමාත්‍යංශය , පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
අදාළ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා , ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ කර ගැනීම පිළිබඳ අවසන් තීරණය අද පස්වරුවේ ගැනීමට නියමිත ය .