දම්පත් රණසිංහ
බෙලිඅත්ත ප්රාදේශීය සභාවේ විපක්ෂනායක, එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කපිල අමරකෝන් මහතාට අද පෙරවරුවේ වෙඩි වැදී තිබේ.
තුවාල ලැබූ මන්ත්රීවරයා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
නිවසේ දොර ජනෙල් වසා තිබී ඇති අතර පිටස්තර පුද්ගලයකු ද පැමිණ නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙය වෙඩි තැබීමක් ද වෙඩි වැදීමක් ද යන්න පොලීසියට සැක පහළ වී ඇත.