නවතම පුවත්

බොරු ඉන්ටර්නෙට් ඇඩ් දමා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් සල්ලි කොල්ලකෑ 5ක් අත්අඩංගුවට

අසංක

අසංක

වංචනික ලෙස ජනතාව නොමඟ යවමින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මෙරට බැංකු ගිණුම් තොරතුරු ගෙන එම ගිණුම්වලින් මුදල් ලබාගැනීමේ ජාවාරමක් මෙහෙයවූ කල්ලියක 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් සහනදායි පොලී අනුපාතයක් යටතේ විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක බව අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කරමින් මෙලෙස මුදල් වංචා කර ඇතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිටබැද්දර, නාරාහේන්පිට සහ වැල්ලම්පිටියේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් වයස අවුරුදු 30, 39, 38, සහ 46 යන වයස්වල පසුවෙති.

අන්තර්ජලය ඔස්සේ කරන ප්‍රචාරයන්ට රැවටී ඔවුන්ට දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයින් රැවටීමකට ලක්කර ඒ අයගේ බැංකු ගිණුම් තොරතුරු ආදිය ලබාගනිමින් එම ගිණුම්වලින් මුදල් ලබා ගන්නා බව පොලීසිය කියයි.

මෙම වංචාවට හසුවී රුපියල් ලක්ෂ 05 ක මුදලක් අහිමිකරගත් කාන්තාවක් කිරුළපන පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මීට අමතරව ව්‍යාජ විවාහ සහතික පත්‍ර, උප්පැන්න සහතික, අධ්‍යාපන සහතික ආදී විවිධ ලේඛණ කූඨ ලෙස සකස් කිරීමේ ඡවාරමකද නිරතව ඇත.

එසේ කූඨ ලේඛන සකස් කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, බැංකු කාඩ්පත්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා ලැමිනේටින් උපකරණයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා කාඩ්පත් 925 ක්, ව්‍යාජ ලෙස සකස් කළ රබර් මුද්‍රා 02 ක්, ව්‍යාජ ලෙස සකස් කළ රියදුරු බලපත්‍ර 61 ක් සහ ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර 05 ක් සොයාගෙන ඇත.

ව්‍යාජ ලෙස සකස්කර තිබී හමුවූ රියදුරු බලපත්‍ර 61 කට සහ ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර 05 අදාල පුද්ගලයින් සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්