නවතම පුවත්

බොරු පුවත්වලට වැට බඳින්න නීති ගෙනෙයි

අසංක

අසංක

රාජ්‍ය ආරක්ෂාවට හා ජාතීන් අතර සහජීවනයට බාධා වන ආකාරයෙන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව මෙකී චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වන තැනැත්තෙකුට වසර 5කට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් දශ ලක්ෂයක් දක්වා දඬ මුදලක් නියම කිරිමට හෝ එම දඬුවම් දෙකටම යටත්වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධය කිරිමට නියමිතය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් කර තිබූ අතර එය වැඩබලන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි