අද (05) දිනයේදී රහස් පොලිසිය විසින් රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතාගෙන් අප්‍රේල් 21 වන දා සිදවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන ප්‍රශ්න කර තිබේ. ඒ අනුව හෙළිවී ඇත්තේ ඉන්දියාව විසින් මේ ප්‍රහාරය ගැන සියලුම විස්තර රාජ්‍ය බුද්ධි සේවයට ලබාදී තිබුණද, දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මේ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොදක්වා ඇති බවයි.
අද දිනයේදී බුද්ධි අධ්‍යක්ෂකවරයා මේ සම්බන්ධයෙන් සියළුම තොරතුරු පූජිත ජයසුන්දර මහතා වෙත දැන්වූවද තැකීමක් නොකර ඇති බවත් හෙලිදරව් වී තිබෙනවා.
ප්‍රහාරයට පෙර දින එනම් අප්‍රේල් 20 වන දින බුද්ධි අධ්යක්ෂවරයා විසින් පූජිත ජයසුන්දර මහතාට ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බැවින් විශේෂ ආරක්ෂ වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරන ලෙසද දන්නවා තිබේ.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් ආරක්ෂක ප්‍රධානින් ඇතුලු පුද්ගලයන් ගණනාවකගෙන් ප්‍රශ්න කරනු ඇත.