නවතම පුවත්

මත්තල තරු පන්තියේ හෝටල් දෙකක් ඉදිකිරීමට අවසර !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල ආසන්නයේ තරු 4 කාණ්ඩයේ හෝටල් දෙකක් ඉදිකිරීම සඳහා ගුවන්තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලට දකුණු පසින් පිහිටි හෙක්ටයාර 15 බැගින් වූ බිම් කොටස් දෙකක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම හෝටල් දෙක ස්ථාපිත කිරීම සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා ඉල්ලීම් කැඳවීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.

මත්තල රාජපක්‍ෂ ගුවන්තොටුපල පිහිටි හම්බන්තොට ප්‍රදේශය ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන නමුත් දැනට එම ප්‍රදේශයේ හෝටල් කිහිපයක් පමණක් ක්‍රියාත්මක වන බැවින් තරු 4 කාණ්ඩයේ හෝටල් දෙකක් ඉදිකිරීම වාසිදායක බව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.

මීට අමතරව මෙරටට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ගෙන්වාගැනීම සඳහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර ඇත.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප්‍රධාන ගුවන් සමාගම්, තෝරාගත් මාර්ගගත සංචාරක නියෝජිතයන්, ප්‍රධාන ජාත්‍යන්තර චාරිකා මෙහෙයවන්නන්, ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ප්‍රචාරණ ආයතන, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන වෙතින් යෝජනා කැඳවීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්