බෝරා මුස්ලිම් සමුළුවෙන් ලංකාවට බිලියන 05 ක් 31,000ක් එයි ඉරාන ප්‍රහාරයෙන් පසු ආරක්ෂාව තෙගුණ කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බෝරා මුස්ලිම් සමුළුවට සහභාගිවන පිරිස 21,000 ක් බව ප්‍රකාශ වුවද මේ වන විට 31,000 ක් පමණ පිරිසක් පැමිණෙන බව thecolomboexpress අපට වාර්තා වෙනවා.

ලබන සැප්තැම්බර් 01 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන පහක් පමණ ආයෝජනයක් ලැබෙන බව ශ්‍රී ලංකා සංවිධායයින් ප්‍රකාශ කරනවා පසුගියදා එල්ලවූ පාස්කූ ප්‍රහාරයෙන් ලංකා ආර්ථිකයට සිදූවූ දරුණු පසුබෑමට හා ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදුවූ අලාභයට මින් සහනයක් සිදුවෙන බවද සංවිධායකයින් පවසනවා.
එසේම ලබන 01 වනදා සිට 10 දක්වා කොල්ලුපිටිය ප්‍රධාන බෝරා මුස්ලිම් පල්ලිය පිහිටා ඇති මැරීන් ඩ්‍ර්‍යිව් හෙවත් මුහුදුබඩ මාර්ගය වසා තැබෙන බවත් වාර්තා වෙනවා.
පසුගියදා ඉරානයේ බෝරා මුස්ලිම් නායකයා ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සමුළුවේ සහ මෙරට පැමිණෙන බෝරා මුස්ලිම් නායකයන්ගේ ආරක්ෂාව හා සෙසු ආරක්ෂාව තෙගුණ කර ඇතිබව වැඩිදුරටත් වාර්තා වෙනවා.