නවතම පුවත්

බෞද්ධ හිමිවරුන් 70 රට පුරා පාගමනනින් වැඩම වීම අද සිට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍යාමෝපාලි මහා නිකාය ලංකාවේ පිහිටුවා වසර 270ක් පිරීම නිමිත්තෙන් තායිලන්තය, ලාඕසය, මියන්මාරය යන රටවල දූත පිරිස 70ක් ජනවාරි 11 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණ හේනේගම ෆැක්සියන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ආරම්භ වී මසක කාලයක් ධම්මචාරිකාවක් ලෙස පා ගමනින් පිටත්ව යාමට නියමිතය.

මෙම කණ්ඩායමේ ප්‍රධානියා වන්නේ තායිලන්තයේ Phrak Nakhon Sri Ayutthaya පලාතේ වට් බෑන් චේං (Wat Ban Chaeng)හි ආරාමාධිපති (Phrakhruphisan Thammanusit හිමියන්ය.

මෙහි සම්බන්ධීකරණය කරනු ලබන්නේ මහාචූලලොංකොර්න්රාජ විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වල්මෝරුවේ පියරතන හිමි විසිනි.

ඒ අනුව කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය ද මේ සඳහා සහභාගි වනු ඇත. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 12 වැනිදා පස්වරුවේ තායිලන්ත රාජකීය තානාපති කාර්යාලයේ තනාපති Pol Hanrpol මහතා සමාරම්භක උත්සවයට සහභාගි විය.

මෙම ධම්මචාරිකාව තුළදී විවිධ දිස්ත්‍රික්කවල ගම්මානවලට වියළි ආහාර ද්‍රව්‍ය කිහිපයක් පරිත්‍යාග කරමින් සමාජීය කටයුතු කිහිපයක්ද මෙම පිරිස විසින් සිදු කරනු ඇත.

මෙම ධම්මචාරිකාව තුළ පහත දිස්ත්‍රික්ක ආවරණය වනු ඇත.
ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල, මහනුවර, ශ්‍රීපාද සහ කොලඹ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්