නවතම පුවත්

IMF ණය ප්‍රමාදය නිසා රැසක් මතුවෙලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකය යථාවත් කිරීම සඳහා IMF සහ අනෙකුත් බහුපාර්ශවික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ “වොයිස් ඔෆ් ද ග්ලෝබල් සවුත්” G 20 සමුළුවට එක්වෙමින්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ මාන්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සාකච්ඡා කරමින් පවතින IMF ඇප ලබාදීමේ ක්‍රියාවලියෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි.

කෙසේවෙතත් ද්වීපාර්ශවික ණය දෙන්නන් සමඟ කඩිනමින් ගිවිසුම්වලට එළඹීමට ප්‍රමාදවීම හේතුවෙන් IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් ලබාදීමද ප්‍රමාදවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, එවැනි තාක්ෂණික ගැටළු හා ප්‍රතිඵල ප්‍රමාදයන් හේතුවෙන් රටේ ජනජීවිතයට විශාල හානියක් ඇතිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙම සමුළුව අමතමින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ අන්යෝන්‍ය අවබෝධය තුළින් මෙම ක්‍රියාවලියේ අවසන් පියවර ඉක්මනින් සිදුවනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්