ඩොලර් හිගය හේතුවෙන් කොළඹ වරායේ සිර වී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් මුදා හැරීම ආරම්භ කරන ලෙස නිළධාරීන් වෙත උපදෙස් ලබා දුන් බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය .
භාණ්ඩ ලබාගැනීමේදී පසුව ගෙවීම් කිරීමට හැකියාව ලැබෙන ලෙස ඉන්දියාවෙන් ලබාදී ඇති පහසුකම යටතේ මෙසේ භාණ්ඩ නිදහස් කරගැනීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය .
ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ඖෂධ විනිමය දුෂ්කරතාවයකින් තොරව ලබාගැනීමට හැකිවන බවද ඒ මහතා පැවසීය .
ඒ සඳහා ආනයනකරුවන්ට ලියාපදින්චිවන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය .