නවතම පුවත්

භාවනායෝගීව භික්ෂූන් වැඩඉන්න කුටිත් ‍හොරු බිඳලා

අසංක

අසංක

ලබුනේරුව ආරන්‍ය සේනාසනයට හොරු පැන එහි භාවනායෝගීව භික්ෂූන් වහන්සේ වැඩ සිටින කුටි දෙකක් හොරු බිඳ ඇතැයි මොරගොඩ පොලීසිය කියයි.

එක් කුටියකින් සොරාගෙන ගොස් ඇත්තේ රුපියල් ලක්ෂ 04ක් වටිනා පරිගණකයක් වන අතර අනෙත් කුටියෙන් සොරාගෙන ගොස් ඇත්තේ ඩ්‍රෝන කැමරාවකි.

මෙම සොරකම ගැන පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ ඊයේ (26)ය. මේ ගැන කල විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ පුස්කොලපොත්වල ඇති දහම්කරුණු පරිගණක ගත කිරීමට යොදාගත් පරිගණකයක් සොරාගෙන ගොස් ඇති බවය.

ආරන්‍ය සේනාසනයේ ආගමික වැඩසටහන් පැවැත්වෙන අවස්ථාවන්වලදී එම වැඩසටහන් ගුවනේ සිට රූගත කිරීමට ඩ්‍රෝන කැමරාව යොදා ගන්නා බවද එහිදී පොලීසියට පෙනී ගොස් ඇත.

මෙම සොරකම සිදුව ඇත්තේ මෙම කුටිවල වැඩ සිටි භික්ෂූන්වහන්සේ ආගමික වැඩසටහනකට සහභාගිවීමට දින කිහිපයක් ආරන්‍ය සේනාසනයෙන් පිටතට වැඩසිටි කාල සීමාවේදී බව පොලීසිය සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්