නවතම පුවත්

මීළඟ චීන නාවික කඳවුර හම්බන්තොට වරායේ? -වාර්තාවක් කියයි

අසංක

අසංක

ඉදිරි වසර කිහිපය තුළ චීන නාවික කඳවුරක් ඉදිකිරීමට ඉඩඇති රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඉහළින්ම සිටින බව, නවතම පර්යේෂණ වාර්තාවක් පවසයි.

එම වාර්තාව උපුටා දක්වමින් ජාත්‍යන්තර පුවත් සේවා වන බ්ලූම්බර්ග් පුවත් සහ සවුත් චයිනා මෝනිං පෝස්ට් මේ බව වාර්තා කර තිබේ.

සිය සමුද්‍රීය හැකියාවන් පුළුල් කිරීමට චීන‍ය දරන උත්සාහයේ මීළඟ ඉහළම ‍තේරීම හම්බන්තොට වරාය වනු ඇති බව අමෙරිකාව පදනම් කරගත්, වර්ජිනියාවේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලයේ AidData පර්යේෂණ ව්‍යාපෘතියේ වාර්තාවක් පවසා ඇත.

එහි තක්සේරුවකට අනුව, චීනය දැනටමත් හම්බන්තොට වරාය වෙනුවෙන් ආයෝජනය කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 2.19 කි.

ලෝකයේ වෙන ඕනෑම ස්ථානයකට වඩා චීනයේ විශාලතම තනි වරාය ආයෝජනය හම්බන්තොට වරායයි. එහිදී බීජිං සිය සෘජු පාලනය ක්‍රියාත්මක කරයි යනුවෙන් ද එහි සඳහන්ව ඇතැයි අදාළ පුවත වාර්තා කරයි.

බ්‍රහස්පතින්දා නිකුත් කර ඇති මෙම AidData වාර්තාව පවසා ඇත්තේ හම්බන්තොට වරායේ උපායමාර්ගික පිහිටීම, ප්‍රභූන් සහ ජනගහනය අතර චීනයේ ජනප්‍රියතාවය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව චීනය සමඟ පෙලගැසී සිටීම, හම්බන්තොට වරාය අනාගත පදනමක් සඳහා චීනයේ ඉහළම අපේක්ෂකයා බව ය.

එබැවින් චීන නාවික කඳවුරක් වෙනුවෙන් පදනමක් දැමීම සඳහා හම්බන්‍තොට වරාය බොහෝ දුරට තෝරාගැනීමට ඉඩ ඇති ස්ථානය ලෙස එම වාර්තාව පවසා පවසා තිබේ.

කෙසේවෙතත් මෙරට රජයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම පුවත් සේවය පවසන්නේ කිසිදු විදේශීය සන්නද්ධ හමුදාවකට සත්කාරකත්වය සැපයීමට හෝ එවැනි පහසුකමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය බවයි.

ඊළඟ අවුරුදු දෙකක සිට 5ක් දක්වා කාලය තුළදී එවැනි චීන නාවික කඳවුරක් ඉදිවීමට හැකියාව ඇති ස්ථාන ලෙස අදාළ වාර්තාවේ ඊළඟට නම් කර ඇත්තේ ඉක්වටෝරියල් ගිනියාවේ, පකිස්ථානයේ සහ කැමරූන් හි ස්ථාන ය.

චීනයට ඇති යුධ නැව් ගණනින් ලොව විශාලතම නාවික හමුදාව එම රාජ්‍යය සතු ය. එහි ඉදිකිරීම් සහ ඉංජිනේරු සමාගම් ලොව පුරා වරාය පහසුකම් ගොඩනැගීමට කාර්ය බහුලව සිටී.

චීනය රටවල් 46 ක වරායන් 78 ක් ගොඩනැගීම හෝ පුළුල් කිරීම සඳහා 2000-2021 සිට ඇමරිකානු ඩොලර් බිලියන 30 කට ආසන්න වටිනාකමකින් යුත් ණය සහ ප්‍රදාන ලබා දී ඇති බව AidData වාර්තාව පවසයි.

චීන කඳවුරු පිළිබඳව නිතර නිතර තොරතුරු නිරාවරණව වන පසුබිමක වුවද, දීනය විසින් නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ජිබුටි හි එක් විදේශීය හමුදා මධ්‍යස්ථානයක් පමණක් ස්ථාපිත කර ඇත.

AidData පැවසුවේ චීනය 2000-2021 දක්වා ජිබුටි නාවික පහසුකම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 466ක් ආයෝජනය කළ බවයි. එය එහි ලැයිස්තුවේ 12 වන ස්ථානයට පත්ව ඇත.

තායිලන්තය, ඉන්දුනීසියාව සහ පකිස්ථානය ඇතුළු ස්ථානවල තවත් විදේශීය හමුදා සැපයුම් පහසුකම් පිළිබඳ පෙන්ටගනය සොයමින් සිටි.

අමෙරිකාව විසින් කාම්බෝජයේ හමුදා මධ්‍යස්ථානයක් ද හඳුනාගෙන ඇති අතර එය ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ පළමු විදේශීය කඳවුර වනු ඇතැයි පවසන අතර, එය නොම් පෙන්හි රජය නැවත නැවතත් ප්‍රතික්ෂේප කර සිටී.

කෙසේවෙතත් චීන ආරක්ෂක අමාත්‍යාංශය AidData වාර්තාව පිළිබඳ අදහස් දැක්වීමට කළ ඉල්ලීමකට වහාම ප්‍රතිචාර දැක්වූයේ නැති බව ද බ්ලූම්බර්ග් පවසයි.

චීනය සිය මිලිටරි අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සඳහා තම ආර්ථික බලය භාවිතා කරන තරම විග්‍රහ කිරීමට, වසර ගණනාවක් තිස්සේ නිරීක්ෂකයින් උත්සාහ කරමින් සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්