කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස නාවික මාර්ග හරහා සුඛෝපභෝගී මඟී නෞකාවලින් පැමිණෙන මඟීන් රටතුළට ඇතුළු කර ගැනීම වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
මේ සඳහා දැනටමත් අදාළ අංශ දැනුවත් කර ඇති බවද සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මාධ්‍ය වෙත අද සඳහන් කලාය .
මේ අතර දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ ගුවන් මඟීන් සහ නෞකාවලින් පැමිණෙන මඟීන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත..