මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීම පිළිබඳව මූලික විමර්ශනයන් ආරම්භකිරීමට වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල වංචා දූෂන විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම කටයුතු යොදා ඇත.
රාජ්‍ය ආයතන කිහිපයක සිදුවූ වංචා හා දූෂණ සිද්ධින් පිළිබඳ ලද පැමිණිලි 15 ක් මූලික විමර්ශනයට ගැනීමට , ගත් තීරණය යටතේ මෙම විමර්ශනය ආරම්භ කිරීමට කොමිසම පියවර යොදා ඇත.
කොමිසමේ පොලිස් ඒකකය විසින් සිදුකරන අදාළ මූලික විමර්ශනවලින් පසු කොමිසම හමුවේ වැඩිදුර විමර්ශන සිදුකරන බව කොමිසම සඳහන් කර සිටී.
මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීම,අමතරව ඉන්දියානු සමාගමක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පුවක් ව්‍යාජ ලේඛෙන උපයෝගී කරගනිමින් ලබා ගැනීම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිදුවූ බව කියන වංචා හා දූෂණ මෙන්ම බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල රෙදි පිරිසිදු කිරිමේ කොන්ත්‍රාත්තුව ඉන්දියානු සමාගමකට පැවරීමෙන් සිදුවූ අලාභය පිළිබඳ ලැබී ඇති පැමිණිලි මූලික විමර්ශනයට ගැනෙනු ඇත.