නවතම පුවත්

මත්තල වී ගබඩා කළාට අපි පලාලිවල මිරිස් දාන්නේ නෑ – ඇමති ප්‍රසන්න

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

පසුගිය ආණ්ඩුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කලාක් මෙන් පලාලි ගුවන් තොටුපලේ මිරිස් ගබඩා කිරීමට වත්මන් ආණ්ඩුව සුදානම් නැතැයි කාර්මික අපනයන ආයොජන ප‍්‍රවර්ධන සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

රාජ්‍ය ආයතන විකුණා දැමීම පසුගිය රජයේ ප‍්‍රතිපත්තිය වුවද වත්මන් රජය යටතේ එය සම්පූර්ණයෙන්ම අහෝසි වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ ප‍්‍රගතිශීලි සේවක සංගමයේ නියෝජිතයින් සමග අද අමාත්‍යංශයේ පැවති සාකච්ඡුාවකදි රණතුංග මහතා මේ බව සදහන් කලේය.

පසුගිය පාලන කාලයේදි කටුනායක ගුවන්තොටුපල පරිපාලනය අත්තනෝමතිකව ලෙස කටයුතු කළ බවත් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම සේවක අයිතීන් පිළිබද කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදි පෙන්වා දුන්හ.

සාකච්චාවේදි අහදස් දැක්වූ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

‘‘ පසුගිය ආණ්ඩුවට තිබුනේ රාජපක්‍ෂ භීතිකාවක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නම් කර තිබීම නිසා ඉන් උරන වූ එක්සත් ජාතික පක්‍ෂයට එය විනාශ කිරීමට ඔනෑ උනා ඒ නිසා තමයි මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කලේ කඩමුඩියේ පහුගිය ආණ්ඩුව හදපු පලාලි ගුවන්තොටුපලේ හරි හමන් ශක්‍යතා අධ්‍යනයක්වත් සිදුවී නැහැ. එහෙත් පලාලි ගුවන්තොටුපලේ මිරිස් ගබඩා කරන්න අපි ලැස්ති නැහැ.
වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව තමයි මුඩුබිමක්ව තිබූ මේ රට වැඩ බිමක් කිරීම ඒ සදහා සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරලා සංචාරකයින් මෙරටට ගෙන්වීමේ විශේෂ වැඩ පිලිවෙලක් ක‍්‍රියාත්මක කරනවා. ආයෝජකයින් මේ රට දාලා ගියා අපි නැවතත් ආයෝජකයින්ට සුරක්ෂිත පරිසරයක් රට තුල නිර්මාණය කරලා රටේ කර්මාන්ත ක්ෂේත‍්‍රය දියුණු කරන්න බලාපෝරොත්තු වෙනවා. එකෙදි ගුවන්තොටුපල සංවර්ධනයට අපි වැඩි අවධානයක් යොමු කරනවා කටුනායක ගුවන්තොටුපල සංවර්ධනය වගේම මත්තල, යාපනය සහ මඩකලපුව ගුවන්තොටුපල සංවර්ධනයට නව රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඉදිරි සතිය තුල අපි මේ පිළිබදව මූලික සාකච්ඡුා ආරම්භ කරනවා.

මසකට වරක් වෘත්තීය සමිති සමග සාකච්ඡා කොට ගුවන්තොටුපල සංවර්ධනය සදහා ඔවුන්ගේ අදහස් හා යෝජනාද ලබා ගැනීමට අපේක්ෂා කරන බව රණතුංග මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ ප‍්‍රගතිශිලි සේවක සංගමයේ සභාපති ප‍්‍රසාද් විජේරත්නසේකර මහතාද මෙහිදි අදහස් පළ කලේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්