මත්ද්‍රව්‍ය-පුපුරණ ද්‍රව්‍ය හදුනාගන්න කටුනායක ගුවන්තොටුපලට ‌රොබෝලා ‌දෙන්නෙක් (VIDEO)

Picture of අසංක

අසංක

මෙරට ‌පොලිස් ඉතිහාසයේ පළමු වතාවට පරීක්ෂාවකදී මත්ද්‍රව්‍ය හා පුපුරණ ද්‍රව්‍ය එම අවස්ථාවේදීම හදුනාගැනීම ‌වෙනුවෙන් ‌රොබෝ යන්ත්‍ර ‌දෙකක් ‌යෙදවීමට පියවර ‌ගෙන තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් ‌තොටුපල ඒ්කකය විසින් මත්දද්‍රව්‍ හා පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂාව සදහා එම ‌රොබෝ යන්ත්‍ර ‌යොදාගනුු ඇත.

මෙම ‌රොබෝ යන්ත්‍ර ‌දෙකම චීන පරිත්‍යාගයක් බව ‌‌පොලිස් මූලස්ථානය දැනුම් ‌දෙයි. ඇතුළුවීමේ සහ පිටවීමේ ‌දොරටුවලට ‌මේවා සවිකර තිබේ.

මෙම එක් ‌‌රොබෝ යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 80කි.

මෙමගින් සිදුවන්නේ සැකකටයුතු යමක් අසුරණයක තිබී පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ යැයි සැකකරන ‌දෙයක් හසුවුවහොත් එය මත්ද්‍රව්‍යයක් ද යන්න පැහැදිලිව හදුනාගෙන සංයුතිය විස්තරාත්මකව ‌ලබාදීමයි.

එනම් කිසියම් පුද්ගලයකු‌ සතුව තිබෙන බෑගයක් ‌හෝ සිරුරේ තිබී මත්ද්‍රව්‍ය යැයි සැකකළ හැකි යමක් හමුවුවහොත් ඒය මත්ද්‍රව්‍ය ද යන්න සැකහැර දැනගැනීමට ඒ් බව තහවුරු කරන ‌තෙක් ‌බොහෝ කාලයක් එම මගියාට ‌ආරක්ෂක අංශ භාරයේ රැදී සිටීමට සිදුවේ.

නමුත් ‌ෙමෙම ‌‌ෙරොබෝ යන්ත්‍ර මගින් ඒවෙලම ඒය කිනම් මත්ද්‍රව්‍යයක් ද යන්න ‌හෝ අඩංගු මත්ද්‍රව්‍ය සංයුතිය පිළිබද විස්තරයක් ලබාදීමට සමත්ය.

මෙමගින් අනවශ්‍ය ‌ලෙස මගීන්ට ගුවන්තොටුපල තුළ රැදී සිටීමේ අවශ්‍යතාවක් ‌නොවේ. මත්ද්‍රව්‍ය පිළිබද පරීක්ෂා කිරීම හා මුදාහැරීම කඩිනම් වනු ඇත.