නවතම පුවත්

මත් ජාවාරම්කාර පාකිස්ථානුවෝ හිරේ ඇතුළේ ඝාතනයකට සැරසෙති

අසංක

අසංක

බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනකු බන්ධනාගාරය තුළදීම ඝාතනය කිරීමටකිරීමට පාකිස්ථානයේ සහ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සූදානම් වන බව විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය විසින් කරගෙන ඇත.

පසුගිය කාලයේ මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොග සම්බන්ධ තොරතුරු ආරක්ෂක වෙත සැපයුවේ මේ පුද්ගලයන් යැයි ඝාතන සැලසුම්කරුවන් විශ්වාස කිරීම මෙයට හේතුවී ඇත. මේ සම්බන්ධ විශේෂ වාර්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය විසින් ඒහි සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා වෙත යොමුකර තිබේ.

ඒඅනුව වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා මගින් බන්ධනාගාර බලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබියදීත් අදාළ සිරකරුවන් අනාරක්ෂිත කර ඇති බවට චෝදනාවක් ද මේ වනවිට එල්ල වෙමින් තිබෙන අතර ඒ පිටුපස බන්ධනාගාරයේ හිටපු ප්‍රධානියකු සිටින බවත් ඔහු මත්කුඩු ජාවාරම් ප්‍රධානීන් සමග සම්බන්ධකම් පවත්වන බවත් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ගෙවී ගිය මාස කිහිපය තුළ පමණක් පාකිස්ථානයේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් කිලෝග්‍රෑම් 1000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය. මේ හේතුවෙන් මේ වනවිට රට තුළ දැඩි හෙරොයින් හිගයක් ඇති වී තිබෙන බවත්, ඒහෙයින් හෙරොයින් මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ආරක්ෂක අංශ පවසයි.

ගයාන් කුමාර වීරසිංහ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි