සමාජ මාධ්‍ය හේතුවෙන් යොවුන්වියේ තරුණ තරුණියන් තුල සාංකාව , විශාදය වැනි මානසික රෝගී තත්වයන් ඇතිවන බව ෆේස් බුක් සමාගම විසින්ම සිදුකල සමීක්ෂණයකින් අනාවරණය වී ඇත ..
එම සමීක්ෂණයේ ප්‍රතිඵල රහසිගතව තබා ගැනීමට එම සමාගම උත්සාහ දරා ඇති නමුත් මෙම වනවිට එහි ප්‍රතිඵල ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් ( ‘Wall Street Journal’) සඟරාව හරහා අනාවරණය වී ඇත .
විශේෂයෙන්ම ඉන්ස්ටග්රෑම් සමාජ ජාලය හේතුවෙන් මානසික අවුල්සහගත බව හෙවත් සාංකාව (anxiety) සහ මානසික අවපාතය හෙවත් විෂාදය (depression) තමන්ට ඇතිකරවන බවට නව යොවුන්වියේ සිටින්නන් චෝදනා කරන බව එම අධ්‍යයන වාර්තාවෙන් පෙනී ගොස් ඇතැයි ‘Wall Street Journal’ සඟරාව පවසයි.
ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයද අයත්වන්නේ ෆේස්බුක් සමාගමට වන අතර සමීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල සාන්ගවාගෙන සිටීම හරහා ෆේස්බුක් සමාගම , විශාල වරදක් කර ඇති බවද වෝල් ස්ට්‍රීට් ජර්නල් සඟරාව පවසයි
, Wall Street Journal හි පලවී ඇති ලිපියට අනුව සාංකාව සහ විෂාදය ඉහළ මට්ටමකට පත්කරවන බවට නව යෞවන වියේ පසුවන්නන් ඉන්ස්ටග්‍රෑම් ජාලයට චෝදනා කර තිබේ.
2020දී සමීක්ෂණයකට භාජනය වූ නව යෞවනියන්ගෙන් 32%ක් පවසා ඇත්තේ තම සිරුර ගැන අප්‍රසාද ජනක හැඟීමක් ඇතිවූ අවස්තාවක දී ඉන්ස්ටග්‍රෑම් මගින් එම තත්ත්වය වඩාත් නරක මට්ටමකට පත්කරවනු ලබන බවය. සමීක්ෂණයට භාජනය වූ බ්‍රිතාන්‍ය යෞවනියන්ගෙන් 13%කට සහ එක්සත් ජනපදයේ යෞවනියන් 6%කට ඉන්ස්ටග්‍රෑම් නිසා දිවි නසා ගැනීමේ චේතනාව යම් මොහොතක හෝ පහළ වී ඇත.
සමාජ මාධ්‍ය ජාලා අතරින් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ම සමාජ මාධ්‍ය ජාලය ‘ඉන්ස්ටග්‍රෑම්’ බව 2017 දී සිදුකළ සමීක්ෂණයකින් ද හෙළිවී තිබුණි.
මහා බ්‍රිතාන්‍යයේ සිදුකළ මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 14ත් 24ත් අතර තරුණ තරුණියන් 1479 දෙනෙකුගේ මතය විමසා තිබේ.
සාංකාව, විෂාදය, තනිකම සහ මානසික හිරිහැර වැනි ගැටලු ඇතිකරවන ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා අනුපිළිවෙලින් දක්වන ලෙස සමීක්ෂකයෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ.
අන්තර්ජාලය ඔස්සේ කරන ලද මෙම මත විමසුමේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ YouTube, Instagram, Snapchat, Facebook සහ Twitter වැනි සමාජ ජාලා මගින් තරුණ තරුණියන්ට ඇතිවන බලපෑම ය.
එම සමාජ ජාලා භාවිත කිරීම තුළින් තමන්ගේ සෞඛ්‍යයට හෝ යහපැවැත්මට යම් හානියක් සිදුවී ඇත්දැයි සෞඛ්‍ය ගැටලු 14ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මෙහිදී සමීක්ෂකයෝ විමසා සිටියහ.
සමීක්ෂණයට සහභාගී වූ අයගේ බහුතර මතය, ඊට ලැබුණු ප්‍රතිචාර සහ ඇගයීම් තක්සේරු කළවිට පෙනීගොස් ඇත්තේ මානසික සෞඛ්‍යයට වැඩිම සෘණාත්මක මානසික බලපෑම සිදුවන සමාජ මාධ්‍ය ජාලය Instagram බවය.