මන්ත්‍රී ඩයනා ගමගේ සසජබෙන් නෙරපයි

Picture of Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ බව තහවුරු කළේය.

සමගි ජන බලවේගයේ විනය කමිටු තීරණය අනුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ මහත්මිය, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව තම ඡන්දය ලබා දුන්නාය.