අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා රුවන් විජේවර්ධන සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් රුවන් විජේවර්ධන මහතා මෙලෙස ඉල්ලා අස්වී ඇත.
මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඉල්ලා අස්වන්නේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ධුරයෙනි.
ජනාධිපතිවරණයේ ජනවරමට හිස නමමින් ඔවුන් එජාප ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.