එළඹෙන මහ මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තුවන කිසිවකුට හෝ රජයේ සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධාන තනතුරු ලබා නොදීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ දැනුම් දීමක් මත මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව දැනට එවන් තනතුරු සඳහා යෝජනා වී තිබූ නම් කිහිපයක්ම ඉවත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ හේතුවෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනකු ආයතනවල ඉහළ තනතුරු ලබා ගැනීමේ බලාපොරොත්තු අතහැර දමා ඇත.