මහ මැතිවරණයේ නාම යෝජනා ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල භාවය ගැන නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ.
ඊට හේතුවී ඇත්තේ රජය විසින් නිවාඩු දිනයක් බවට පත්කර ඇති දිනයකදී නාමයෝජනා කැඳවීමයි.
එම නිවාඩු දිනය රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සහ පක්ෂ ලේකම්වරුන් අතර අද පැවැති රැස්වීමේදී ද අවධානය යොමුව තිබේ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම රැස්වීමෙන් අනතුරුව කොමිමෙන් පිටතට පැමිණ සඳහන් කළේ නාමයෝජනා සම්බන්ධයෙන් නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුවක් පවතින බව එම කොමිසම විසින් සඳහන් කළ බවයි.