නවතම පුවත්

නීතිඥ සංගමය ඇතුලේ බෙදීමක්

අසංක

අසංක

නීතිඥ හිජාස් හිස්බුල්ලා එරෙහිව
නීතිඥයන් 216 අත්සන් ලිපියක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධ අධිකරණ කටයුතු සදහා මැදිහත් නොවන්නැයි ඉල්ලමින් ජනාධිපති නීතිඥවරුන් 7 දෙනෙකු ඇතුළු නීතිඥවරුන් 216 දෙනෙකු අත්සන් කළ ලිපියක් ශ්‍රි ලංකා නීතිඥ සංගමයට ඉදිරිපත් කර තිබේ.

මෙයට පෙර තවත් නීතිඥයන් 158 දෙනෙකු අත්සන් කළ ලිපියක් මගින් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නීතිඥයාවන හිජාස් හිස්බුල්ලා අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන ඇතැයි කියමින් ඊට මැදිහත්වන්නැයි ඉල්ලා තිබිණි.

ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා වෙත මෙම ලිපි දෙකම දැනට යොමු වී තිබේ.

ජනාධිපති නීතිඥවරුන් 7 දෙනෙකු ඇතුළු නීතිඥයන් 216 දෙනෙකු පෙන්වා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට ක්‍රියාත්මක කරන පර්යේෂණ සදහා බධා පැමිණවෙන ආකාරයෙන් ඊට මැදිහත්වීමක් ශ්‍රි ලංකා නීතිඥ සංගමය විසින් නොකළ යුතු බවයි.

ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා, ප්‍රසාන්ත ලාල් ද අල්විස්, ශම්මිල් ජේ පෙරේරා,චන්දන ලියනපටබැදි, කුෂාන් ඩී අල්විස්,නෙවිල් අබේරත්න, පියල් විජේවිර ඇතුළු නීතිඥයන් මෙම ලිපියට අත්සන් තබා තිබේ.
අදාල ලිපියේ ඉංගිරිසි පිටපත මෙසේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්