මහඡන්දේ සෞඛ්‍ය උපදෙස් ගැසට්ටුව හෙට

Picture of අසංක

අසංක

මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය හෙට මධ්‍යම රාත්‍රියේ නිකුතකිරීමට නියමිතය.

සමාජ දුරස්ථභාවය රැක ගනිමින් නිරෝධායන නීතිවලට අනුකූලව ජන්දය භාවිතා කිරීම හා මැතිවරණයට අදාළ අනෙකුත් කටයුතු සිදුකිරීම පිළිබඳව මෙහි අඩන්ගුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ඉදිරිපත් කර ඇති සෙසු සෞඛ්‍යාරක්ෂණ උපදෙස්ද ජනතාව තවදුරටත් පිළිපැදිය ය යුතු බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය.