එන්නත්කරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී වාතාවරණය හේතුවෙන් අද (25) උදෑසන සිට බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන රාජකාරී ඇතුළු සියලු කටයුතුවලින් ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත
ඊයේ (24) දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබාදීමට ගත් පියවර හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි.
කොවිඩ් මර්දන රාජකාරී කටයුතුවල නිරතව සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට පවා එන්නත්කරණ කටයුතු සිදු නොකරන පසුබිමක් තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබාදීමට ගත් තීරණය අතිශයින් ගැටලු සහගත බවද ඔවුන් සඳහන් කර සිටී .