මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් දීර්ඝ ලෙස විමර්ශනය කරන බව නීතිපතිවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
විමර්ශනවල ප්‍රගතිය ලබන නොවැම්බර් 12 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස.කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කර ඇත.
නඩුවේ සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් හා කසුන් පාලිසේන ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් අද අධිකරණය හමුවේ පෙනී සිට ඇත.