මහරගම අපෙක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ 12 ක් හිගයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 12 ක හිඟයක් තවදුරටත් පවතින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කර සිටී.

කෙසේ වෙතත් මේ වන විට අදාළ ඖෂධ වර්ග විදෙස් රටවලින් ඇණවුම් කර ඇති බව ද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඒ අනුව ලබන මාසය වන විට පිළිකා රෝගීන්ගේ ඖෂධ ගැටලුව සම්පූර්ණයෙන් ම විසඳීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.