මහර රැඳවූවන් ගැටුම් ඇති කළේ පෙති 21000ක් බීලද?

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

– වෛද්‍යවරයාගේ හැසිරීම ගැටලු සහගතයි!
– මෙච්චර පෙති මොකටද?
– කලින් බන්ධනාගාර ගැටුම් ඇතිවුණෙත් මේ පෙති නිසයි

දම්පත් රණසිංහ

මහර බන්ධනාගාරයේ පසුගිය දා සිදුවූ අර්බුදයට හේතුව වෛද්‍ය මධ්‍යස්ථානයට කඩාවැදුණු රැඳවූවන් එහි තිබූ මානසික රෝග තත්ත්වයන් සඳහා භාවිත කරන ඖෂධ පෙති අධි මාත්‍රාවක් භාවිත කිරීම බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි තිබූ එවැනි ඖෂධ පෙති 21000ක් අතුරුදන් වී ඇති අතර රැඳවූවන් ඒවා භාවිත කර ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙවැනි ඖෂධ මෙතරම් ප්‍රමාණයක් ගබඩා කර තිබුණේ ඇයිද යන්නත් එහි වෛද්‍යවරයාගේ හැසිරීම ගැටලු සහගත බවත් විමර්ශනවලදී සැක මතුවූ කරුණු බව වාර්තා වේ.

එවැනි ඖෂධ අත්‍යාවශ්‍ය අවස්ථාවලදී දෙනු ලබන්නේ ද ඉතා අවම මාත්‍රාවක් වන අතර එය අධි මාත්‍රාවක් ගත් විට ආවේගශීලි හැසිරීම් ආදි සංකූලතා මතුවන බව පැවසේ.

මීට පෙර වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර තුළ සිදුවූ මෙවැනිම ගැටුම්වලදී මෙම ඖෂධ එම බන්ධනාගාර තුළ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ගෙන පානය කර තිබූ බවට හෙළිවිය.

එම හෙළිදරව්වෙන් පසු මෙම ඖෂධ විශාල වශයෙන් ගබඩා කර තබා ගැනීම නොකරන ලෙසත් ඉතා සුලු වශයෙන් පමණක් තබාගැනීමටත් සියලු බන්ධනාගාර වෙත නියෝග කර තිබුණි.

මහර බන්ධනාගාරය තුළ මෙවැනි පෙති 21000ක් තිබී ඇත්තේ එවැනි සීමා තිබූ පසුබිමක වීම සැක මතුවීමට හේතු වී තිබේ.