මහර-වැලිකඩ බන්ධනාගාර සිරකරුවෝ වර්ජනයේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මරණ දඬුවම නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවුවන් 70 දෙනෙකු ඊයේ (24) ආහාර වර්ජනයක් ආරම්භ කර අතර වැලිකඩ බන්ධනාගාරයේ 20 දෙනකු පමණ වහළට නැඟ ඉල්ලීම් කිහිපයක් ඉල්ලා තිබේ.

ඊයේ (24) දහවල් සිට මෙම රැඳවුවන් ආහාර වර්ජනයේ නිරත වී සිටිමින් තමන්ට හිමිව ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඉල්ලා ඇත්තේ තමන්ට ද පොදු සමාව ලබාදෙන ලෙසයි.