නවතම පුවත්

මහර සිද්ධිය ඇතිවූ හේතුව ඉඩකඩ ප්‍රශ්නයක්  – කමිටු අතුරු වාර්තාවෙන් කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මහර බන්ධනාගාරයේ සිද්ධියට බලපා ඇත්තේ ඉඩකඩ සම්බන්ධයෙන් මතු වූ ගැටලුව බව, සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව මගින් හෙළිකර තිබේ.
මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (09)  ඉදිරිපත් කළේය.
එම කමිටුවේ සම්පූර්ණ වාර්තාව මාසයක් ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.
මේ අතර මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් 165දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
 එම ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සඳහා යෝජනා කෙරුණු පංච පුද්ගල බහුවිධ විශේෂඥ මණ්ඩලයට ඊයේ (09) ඒ සඳහා අධිකරණයේ අවසරය හිමිවිය.
මහෙස්ත්‍රාත්වරයා නියෝග ක‍ළේ මියගිය රැඳවූවන් 11දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.
එමෙන්ම දැනට පරීක්ෂණ සිදු කර ඇති මළ සිරුරු 4ක් සම්බන්ධයෙන් ද යළි පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසර හිමිවිය.
 බහුවිධ විශේෂඥ මණ්ඩලය නියෝජනය කරන ගිනි අවි විශේෂඥවරයාගෙන් වෙනම රහස්‍ය වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙස රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණයෙන් කළ ඉල්ලීමට   අවසර හිමිවිය
මහර බන්ධනාගාරයේ දේපළ රැසක් ගිනිගෙන විනාශ වී ඇති නිසා රජයේ තක්සේරුකරු කැඳවා ස්ථානීය පරීක්ෂාවක් සිදුකර වාර්තාවක් ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමටද අධිකරණය අවසර ලබාදුනි.
මහර ගැටුම සම්බන්ධයෙන් අපරාධමය විමර්ශනයක් ක්‍රියාත්මක බැවින් මෘත දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් තීන්දුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලැබුණු පසු  ප්‍රකාශයට පත් කරන බව මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.
රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ බන්ධනගාර කැරැල්ලේදී කුමන්ත්‍රණයක් සිදුවූවාද? එහි මහ මොළකරුවන් කවුද? බාහිර සමාජයේ පාර්ශ්වයක් මීට සම්බන්ධ වූවාද? වෙඩි තැබීමේ නියෝගය කර තිබුණේ කවුරුන්ද?  එහි පුද්ගලික ආරක්ෂාව අභිබවා ගොස් තිබෙනවාද? මීනිමැරුමක් සිදුවී ඇත්ද? යන පැතිකඩ ඔස්සේ  විමර්ශන සිදුකරන්නැයි නීතිපතිවරයා විමර්ශන නිලධාරීන්ට උපදෙස් දී ඇති බවය.
මහර බන්ධනාගාරය තුළ නොවැම්බර් 29 වැනිදා හටගත් කලහකාරී සිද්ධියෙන් රැඳවියන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 106 දෙනෙක්ට තුවාල සිදුවිය.
මියගොස් තිබූ 11 දෙනාගෙන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බව වාර්තා වුණි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා