මහර සිද්ධිය ගැන හොයන කමිටුවට අජිත් රෝහණ වෙනුවට විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්

Picture of අසංක

අසංක

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ආර් එල් රණවීර මහතා පත්කර තිබේ.

ඒ එම කමිටුවට පත් කරන ලද පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඉල්ලා අස්වීමත් සමඟයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරන බැවිනි බැවින් මේ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශ දීමට ඔහුට සිදු වන නිසා ඔහු එම කමිටුවෙන් ඉල්ලා අස්විය.

රණවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වරයෙක් වන අතර ඔහු විශ්‍රාම ගනු ලැබුවේ මේ වසරේ මුල් භාගයේදීය.