නවතම පුවත්

මහින්ද – මෝදි වීඩියෝ සමුළුවක

අසංක

අසංක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ජාවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබන සෙනසුරාදා (26 ) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත .

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග පැවැති දුරකථන සංවාදයක දී මෙම සාකච්ජාව පැවැත්වීම සම්බන්ධයෙන් එකඟතාව පලවී තිබු බවය.

පසුගිය අගෝස්තු 06 වන දින අභිනවයෙන් පත් වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකථන සංවාදයක් පැවැත් වු ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විඩියෝ තාක්ෂණය ඔස්සේ දෙරට අතර සමුළුවක් පවත්වා බහුවිධ ද්විපාර්ශවික සබඳතාවය සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.

මෙහිදී දේශපාලන, ආර්ථික, මූල්‍ය, සංවර්ධනය, ආරක්ෂක ,අධ්‍යාපනික, සංවාරක සහ සංස්කෘතික කටයුතු මෙන්ම අනනෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ගැටලුවලදී ද්විපාර්ශවික මැදිහත්විම් යනාදි කරුණු පිළිබඳව අවධානය යොමු කිරිමට නියමිතය.

මෙම සාකච්ජාව සඳහා දෙරටේ අදාළ ක්ෂේත්‍රවල විෂය භාර අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්