ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මංජු ලලිත් වර්ණකුමාර පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මැතිවරණ කොමිසම විසින් 2256/22 දරණ ගැසට් පත්‍රය මගින් එය ප්‍රකාශයට පත්කර ඇත.
මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ලලිත් වර්ණකුමාර මහතා මෙලෙස පත්කර ඇත.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ භාරගැනීම සඳහා මහින්ද සමරසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.