මහ ඡන්දෙ ගැන තීන්දුවක් ගන්න ගන්න 20 වැනිදා සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් යම් තීන්දුවකට එළඹිමට කරුණු සොයා බැලීම සදහා මැතිවරණ කොමිසම ලබන 20 වෙනිදා රැස්වීමට නියමිතය.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරුවේ කොමිසම රැස්වීමෙන් අනතුරුව සවස් කාලයේදී සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන් සමගද යම් සාකච්ඡාවක් පැවැත්වීමට කොමිසම සූදානමින් සිටී.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දින නියම කිරීමක් සිදුවන්නේ නම් එම රැස්වීමෙන් පසුව කෙරෙනු ඇතැයි කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.