නවතම පුවත්

මාධ්‍යවේදීන්ගේ සුභ සාධනය වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශයේ විශේෂ අවධානයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනමාධ්‍යවේදීන් සඳහා වන පඩිපාලක සභාව ශක්තිමත් කිරීමට පියවර ගන්කනා බව කම්කරු  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

එසේම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද සේවක අර්ථසාධක අරමුදලට එක්කරගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය කම්කරු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී අමාත්‍යවරයා පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

රටේ ආර්ථිකයේ ප්‍රධාන භුමිකාවක් වන වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සේවා සුරක්ෂිතතාව තහවුරු කිරීම කම්කරු අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයකි. තවද, “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ‍පෞද්ගලික අංශයේ සේවක ආරක්ෂාව ඇති කිරීම හා නිපුණ විදේශ ශ්‍රමික බලකායක් ඇති කිරීම යන ක්ෂේත්‍රයන් යටතේ වූ කාර්යයන් සුවිශේෂි ප්‍රමුඛතා ලෙස හඳුනා ගනිමින් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඵලදායිතාවය හා සුභසාධනය ඉහළ නැංවීමටත් වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීමටත් කටයුතු කිරීමේ වගකීම කම්කරු අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ කම්කරු දෙපාර්තමේන්තුව, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය, කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය හා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ආයතන විසින් ඉටු කරනු ලබයි
අමාත්‍යාංශයේ අරමුණු ඉටු කර ගැනීම පිණිස ක්‍රියාමාර්ග රැසක් දැනටමත් ගෙන ඇති අතර එහි යහපත් ප්‍රතිඵල මේ වන විටත් කම්කරු ප්‍රජාව විසින් භුක්ති විඳින බවත් ඉදිරියේදි එම ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරිමට බලාපොරොත්තු වන බවත් සතුටින් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
ශ්‍රමික අයිතීන් ප්‍රමිතිගත කිරීම
• පැවති ජාතික අවම වේතනය රු. 10,000/- සිට රු. 12,500/- දක්වා රු. 2,500/- කින් ඉහළ නැංවීම
• වතු සේවක ප්‍රජාවගේ අවම දෛනික වැටුප රු. 1,000/- දක්වා ඉහළ නැංවීම
• සේවක සුභසාධනයට සහ වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයට ගැළපෙන පරිදි සේවක අර්ථසාධක අරමුදල් හා සාප්පු හා කාර්යාල සේවක පනත් සංශෝධනය කිරීම
• පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 60 ලෙස නීතිගත කිරීම
ශ්‍රමිකයන්ගේ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම
• රැකියා අහිමිවන සේවකයින්ට සහන සැලසීම යටතේ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේදී ගෙවන ලබන උපරිම වන්දි මුදල රු. 1,250,000/- සිට රු.2,500,000/- දක්වා ඉහළ නැංවීම
• දිගුකලක් නොවිසඳී තිබූ ශ්‍රී ලංකා ට්‍රැක්ටර්ස් ලිමිටඩ් සමාගම වසා දැමීම හේතුවෙන් සේවකයින්ට ගෙවිය යුතුව තිබූ වන්දි ගෙවීම හා ජූලි වර්ජකයින්ට සහන සැලසීම අඛණ්ඩව සිදු කිරීම
• සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳව ක්ෂණිකව දැනුම් දීම සඳහා ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීම
• යම් සේවකයකු සේවයට බඳවාගෙන දින 30ක් ඇතුළත කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට අදාළව සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම
• විදේශ රටවල් සමඟ සමාජ ආරක්ෂණ ගිවිසුම්වලට එළඹිම සඳහා පහසු කරවන පරිදි සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම

ස්ත්‍රීන්, තරුණ ශ්‍රමිකයින්ගේ වෘත්තීය හිමිකම් ආරක්ෂා කිරීම හා ළමා ශ්‍රමය පිටු දැකීම
• ළමා ශ්‍රමයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා රැකියාවන්හි යෙදීමේ අවම වයස අවුරුදු 14 සිට 16 දක්වා වැඩි කිරීම
• අන්තරායකර රැකියා 71කින් සමන්විත වන තවදුරටත් පුළුල් කරන ලද රෙගුලාසි ලැයිස්තුව මඟින් අවු. 18ට අඩු තරුණයින් අනතුරුදායක රැකියාවල නිරත වීම තහනම් කිරීම
ශ්‍රමිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීම සඳහා නෛතික රැකවරණය
• කම්කරු නඩු විමසීම කඩිනම් කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණ හා කම්කරු විනිශ්චය සභා වෙත සමගාමී අධිකරණ බලයක් ලබා දීම
• කම්කරු වන්දි ලබා දීම සම්බන්ධ කාර්යය කඩිනම් කිරීම සඳහා කම්කරු වන්දි කොමසාරිස් සහ කම්කරු විනිශ්චය සභා වෙත සමගාමී අධිකරණ බලයක් ලබාදීම
• කම්කරු විනිශ්චය සභා ඉදිරියේ නීතිඥයන් නොවන සේවක නියෝජිතයන්ට පෙනි සිටිමට සහ කම්කරු විනිශ්චය සභා නියෝග බලාත්මක කිරීමේ බලය කම්කරු විනිශ්චය සභා වෙත ලබා දීම
• කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගයට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලුම් කිරීමේ දී හෝ මහේස්ත්‍රාත් අධිකරණ තින්දුවකට එරෙහිව අභියාචනයක් සිදු කිරීමේ දී ඇප මුදලක් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත තැන්පත් කිරීමෙන් අනතුරුව පමණක් එම අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට හැකි වන පරිදි, කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය
• කාර්මික ආරවුල් පනත පනත යටතේ ලබාදෙන ප්‍රදානයන් සහ තීන්දුවලට එරෙහිව අභියාචනා, ප්‍රතිශෝධන සහ රිට් අයදුම්පත් ගොනු කිරීමේදී ඇප මුදලක් තැන්පත් කළ යුතු පරිදි නීති සංශෝධනය කිරීම
• විෂමාචාර ක්‍රියාවක් හේතුකොට ගෙන වැඩ තහනම් කිරීම් හෝ වෙනත් ආකාරයේ විනය ක්‍රියාමාර්ග ගෙන මාස තුනක් ඇතුලත අවසාන විනය තීරණය ලබා දිය යුතු බවට නියම කිරීම
• ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම
ශ්‍රමිකයන්ගේ වෘත්තීය සෞඛ්‍යාරක්ෂිත බව හා අනතුරු රහිත වැඞ පරිසරය තහවුරුකිරීම
• වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය හා සුබසාධනය සම්බන්ධ නව පනතක් හඳුන්වා දීම

සේවා ලබා ලබා ගැනීමේදී ශ්‍රමිකයාට ඇතිවන අපහසුතා අවම කිරීම
• ශ්‍රමිකයා වෙත කාර්යක්ෂම සේවාවක් ඇති කිරීම සඳහා කම්කරු කාර්යාල ජාලය පුළුල් කිරීම
ලෝකයේ නව ප්‍රවණතා සමඟ සේවකයාගේ වෘත්තීය ස්ථාවරත්වය
• නව තාක්ෂණික සහ විද්‍යාත්මක සොයා ගැනීම් අනුව, පවතින ව්‍යාපාරික ක්ෂේත්‍රයන් තුළ රැකියාවන්හි ස්වභාවය, වැඩ කළ යුතු කාලසීමාව, අවශ්‍ය සේවක සංඛ්‍යාව යන අංශයන්හි සිදු වන වෙනස්කම් සහ ඇතිවන රැකියාවන් හා ඒවායේ සේවකයන් හට මුහුණ දීමට සිදු තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වීම මඟින් ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කර සේවකයින්ගේ යහපත උදෙසා අවශ්‍ය ප්‍රතිපත්ති තීරණවලට එළඹෙමින් සේවකයාගේ යහපත, ආරක්ෂාව සහ පහසුව පිළිබඳව අවශ්‍ය පසුබිම සැකසීමට කටයුතු කෙරේ. මේ සඳහා 2021 වර්ෂයේ දී පර්යේෂණ පත්‍රිකා කැඳවන ලද අතර “Guaranteeing Workers’ Right: Expanding the Horizon” යන හිසින් යුතුව ජර්නලක් වශයෙන් මුද්‍රණයේ පවතී
ශ්‍රම බලකාය බලගැන්වීම සහ ආරක්ෂා කිරීම සඳහා නීති සැකසීමේ දී සේව්‍ය සේවක දෙපාර්ශවය සහභාගි කරවා ගැනීම
• මේ සඳහා මාගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛපාර්ශවීය නියෝජනයෙන් යුක්ත ජාතික කම්කරු උපදේශක සභා (NLAC) රැස්වීම කාර්තුමය පදනමින් පැවැත්වීම
කොවිඩ් – 19 වසංගතය හමුවේ සේවකයින් සහ සේවායෝජකයින් ආරක්ෂා කිරීම
• කොවිඩ් – 19 වසංගතය ආරම්භවීමත් සමඟින් ජාතික කම්කරු උපදේශක සභාවේ අනුකමිටුවක් ලෙස ගරු අමාත්‍යතුමා මුලසුන දරණ ත්‍රෛපාර්ශවීය කාර්යසාධන බලකායක් 2020 වර්ෂයේ දී ස්ථාපනය කරන ලදී. මෙමඟින්;
– 2021 ජනවාරි සිට ජුනි දක්වා කාල පරිච්ඡේදය සඳහා සංචාරක ක්ෂේත්‍රයේ යෙදෙන ව්‍යාපාර හා කොවිඩ් – 19 වසංගතයේ බලපෑම හමුවේ මේ වන විටත් සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට නොහැකි අනෙකුත් ක්ෂේත්‍රවල ව්‍යාපාර සඳහා කම්කරු කොමසාරිස් ජනරාල්ගේ පූර්ව අවසරයට යටත්ව සේවකයා විසින් අවසානයට ලබන ලද මාසයේ මූලික වැටුපෙන් 50%ක් හෝ රු14,500/-ක මුදල යන දෙකෙන් වඩා වැඩි මුදලක් සේවකයින්ට ගෙවීම
– ඉන් අනතුරුව, 2021 ජූලි සිට දෙසැම්බර් දක්වා සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරවලට පමණක් මෙම වැටුප් ගෙවීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී
• කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් සේවාලාභීන් වෙත අඛණ්ඩව සැපයීම සඳහා දුරකථන මාර්ග ඔස්සේ සේවා උපදෙස් ලබා දී අන්තර්ජාලය හරහා දිනයක් වේලාවක් ලබා දීමෙන් සේවක අර්ථ සාධක අරමුදල් හිමිකම් ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීම ඇතුළු අනෙකුත් සේවාවන් සපයන ලදී
• කොවිඩ් – 19 වසංගත කාලසීමාව තුළ ජනතාව රැස් කිරීම සීමා කිරිමට සිදු වීම හේතුවෙන් ත්‍රෛපාර්ශ්වික හවුල්කරුවන් සඳහා පවත්වනු ලබන පුහුණු වැඩසටහන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කිරීමත් සමඟ පුහුණු සංස්කෘතිය සඳහා නව මංපෙත් විවර කරන ලදි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්