සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හදිස්සියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
අද පෙරවරු 10:30 ට මන්ත්‍රීවරයා, කොළඹ වරාය නගරය සම්බන්ධ මාධ්‍ය හමුවකට සහභාගී වීමට නියමිතව තිබියදී උදරයේ රෝගාබාධයක් හේතුවෙන් හදිසියේ රෝහල්ගතව ඇත.
මේ වන විට මන්ත්‍රීවරයා වෛද්‍ය පරීක්ෂණයට ලක්කර ඇතැයි වාර්තා වේ.
කොළඹ වරාය නගරයේ 2014 ගිවිසුම, 2016 ගිවිසුම හා 2021 නව පනත් කෙටුම්පත පිළිබඳව කෙරෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට පාඨලී චම්පික රණවක මහතා සහභාගිවීමට නියමිතව තිබූණි.
මන්ත්‍රීවරයා, ඊට සහභාගි වීමට නොහැකි වූ බව දන්වා නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ සුමේධ රත්නායක සහ හිටපු සභාපති ජගත් මුණසිංහ යන මහත්වරු එම මාධ්‍ය සාකච්ඡාව පවත්වති.