නවතම පුවත්

මිලින්ද මොරගොඩගේ මහකොමසාරිස් ධුරය ඉන්දියාව ප්‍රතික්ෂේප කර නෑ

අසංක

අසංක

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම්කළ මිලින්ද මොරගොඩගේ පත්වීමට අනුමත කිරීමේ තීරණය ආපසු හරවා නොමැති බව ඉන්දියාව අවධාරණය කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ පසුගිය වසරේ නොවැම්බරයේ දී අනුමත කරන ලද නාමයෝජනා එලෙසම පවතින බවයි.

කැබිනට් ශ්‍රේණියේ මහ කොමසාරිස්වරයකු ලෙස ශ්‍රී ලංකාව මොරගොඩ නම් කිරීමට ඉන්දියාව අනුමැතිය ලබා දී නැති බවට ඇතැම් අනුමාන කිරීම් පැවතුණි.

මොරගොඩ මහතා කඩිනමින් රාජකාරි භාර ගැනීමට අපේක්ෂා කරන බවත් ප්‍රමාද වීම ශ්‍රී ලංකාවේ පැත්තෙන් වූවක් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

චීනය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පැත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ වන්නේ මිලින්ද මොරගොඩ මහතා ය.

මොරගොඩ ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියේ 2000 දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ය. 2001 දෙසැම්බර් මහ මැතිවරණයේදී ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ සිට කොළඹ නැගෙනහිර සංවිධායක ලෙස තරඟ කොට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්