නවතම පුවත්

“මානව හිමිකම් මුවාවෙන් කරන කෙනෙහිලි නවතන්න” – සිවිල් සංවිධාන 31ක් UN එකට ලියයි

අසංක

අසංක

භු දේශපාලනික අරමුණු උදෙසා‌ මානව හිමිකම් මුවාවෙන්‌ කුඩා රටවලට කරන
කෙනෙහිලිකම්‌ නවතා, දෙමළ ඩයස්පොරා ඡන්දවලට යටත්‌ නොවී මෙරට දෙමළ ජනනාවගෙන්‌ ලංකාවේ සැබෑ තත්ත්වය දැනගන්නා ලෙස අවධාරණය කරමින් සිවිල්‌ සංවිධාන 31ක එකමුතුවක්‌‌ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලයටත්‌ මානව හිමිකම්‌ කොමිසමේ සාමාජික රටවලටත්‌ ලිපියක්‌ යොමු කර තිබේ.

එක්සත් ජාතින්ගේ කොළඹ පිහිටි කාර්‍යාලයට ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධානින් විසින් ලිපියක් බාර දෙන ලදි. එම අවස්ථාවට ජනිවා මානව හිමිකම් කවුන්සලයේ සාමය හා සංහිදියා අංශයේ ප්‍රධානි ප්‍රියාන් සෙනවිරත්න මහතා සහභාගි විය. ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදසා අමරසේකර, නිතිඥ කල්‍යානන්ද තාරානගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, සේනාරත්නද සිල්වා, අනුරාධ තෙන්නකොන් ඇතුලු නියෝජතයින් පිරිසත් සහබාගි විය.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

අවුරුදු 30ක්‌ එල්ටීටීඊ ත්‍රස්තවාදය සමඟ යුධ වැඳුණු විවිධ රජයන්‌ ත්‍රස්තවාදය සඳහා නොයෙකුත්‌ විසඳුම්‌ සොයන ලද නමුත්‌ එල්ටීටීඊ සංවිධානය එම කිසිදු විසඳුමකට කැමති නොවී ඊළාම්‌ දේශයක්‌ වෙනුවෙන්ම සටන්‌ කරමින්‌ ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්‌ ජනනාව ඝාතනය කරමින්‌ දේපළ විනාශ කරමින්‌ කරන ලද යුද්ධය 2009 වෂර්යේදී පරාජය කරන ලදී.

එම යුද්ධය එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව මිස කිසිදු ජාතියකට එරෙහිව සිදුනොකරන ලද බව සැවොම දන්නා කරුණකි. 2009 චෂර්යේ එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන්‌ ඇත්ත වශයෙන්ම බේරාගන්නා ලද්දේ අගිංසක දෙමළ ජනතාවයි. 2009 වෂර්යේ සිට අද දක්වා වසර 12ක්‌ තුළ එම දෙමළ ජනතාව වෙසෙන උතුරු සහ නැගෙනහිර ද රටේ අනෙකුන්‌ ප්‍රදේශ තුළ ඇතිව ඇති සංවධර්නය, ආථරක වධර්නය, යටිතල පහසුකම්වල දියුණුව සහ ජනජීවිතයේ නැගී සිටීම හොඳින්ම දන්නේ ශ්‍රී ලාංකික අපයි.

චිවිධ අවස්ථාවල නොයෙකුත්‌ රටවල්‌, සංවිධාන ලංකාවේ නත්ත්චය එම රටවල සිට විග්‍රහ කරමින්‌ ඔවුන්ගේ භූ දේශපාලනික අරමුණු මත ලංකාවේ පචතින අවංක සංගිඳියාව, සංවධර්නය
සහ දියුණුව කඩාකප්පල්‌ කිරීමට උත්සහ කරන බව හොඳින්ම පෙනෙන්නට තිබේ. ලංකාව පිළිබඳ රැගෙන ආ නොයෙකුන්‌ මානව හිමිකම්‌ වාර්තා ඒ හා සමාන වේ. පසුගිය සතියේ මානව හිමිකම්‌ කොමසාරිස්වරිය විසින්‌ ඉදිරිපත්‌ කරන ලද වාර්තාවේ ද කිසිදු වෙනසක්‌ නැත. ජිනීවා සිට ලියන ලද වාර්තාවක අන්නගර්තය සහ ශ්‍රි ලංකා පොළොවේ සිදුවන අවංක සංහිඳියාව , සංවධර්නය සහ දියුණුව අතර වෙනස මෙම වාතර්‌ව මඟින්‌ හොඳින්‌ පෙනේ.

අද දින සිවිල්‌ සංවිධාන 31ක එකමුතුවක්‌ ලෙසින්‌ එක්සන්‌ ජාතීන්ගේ කාර්‍යාලයටත්‌ මානව හිමිකම්‌ කොමිසමේ සාමාජික රටවලටත්‌ ලිපියක්‌ යොමු කරමින්‌ කියා සිටියේ මෙම කරුණයි.

භු දේශපාලනික අරමුණු චෙනුවෙන්‌ මානව හිමිකම්‌ මුවාවෙන්‌ කුඩා රටවල්වලට කරන
කෙනෙහිලිකම්‌ නවන්වන ලෙසයි. ඔවුනගේ රටවල වෙසෙන දෙමළ ඩයස්පොරා ඡන්දවලට යටත්‌ නොවී මුලතිව්‌ කිලිනොච්චි ප්‍රදේශවල වෙසෙන අහිංසක දෙමළ ජනතාවගෙන් ‌ලංකාවේ
තන්න්චය අවංක සංගිඳියාව ගැන දැන ගන්නා ලෙසයි. මෙම අහිංසක දෙමළ ජනතාවටත්‌ පොදුවේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වන්නේ මානව හිමිකම්‌ වාර්තා ‌ නොවේ, සිදුවුයේ කුමක්ද නොව, ඉදිරියට ජීවිතය, රට රැගෙන යන්නේ කෙලෙසද යන්නයි.

ලංකාව මුහුණ දුන්‌ එල්ටීටීඊ භීෂණය 2009යෙන්‌ ඉවර විය. එම භීෂණය දේශපාලනික හො භූ දේශපාලනික වශයෙන්‌ ජනතාවට අවශ්‍ය නැත. සිවිල්‌ සංවිධාන වශයෙන්‌ අපගේ ඉල්ලිම ශ්‍රී
ලංකාව ස්වෛරීය රටක්‌ ලෙස පිලිගෙන අපගේ අභාන්නර කටයුතුවලට මැදිහත්‌ නොවී අපගේ ප්‍රශ්න අපට විසදා ගැනීමට කාලය ලබා දෙන ලෙසයි. ජනතාවගේ අභිලාෂය තේරුම්‌ ගන්නා ලෙසයි.

වසර ගනණාවක්‌ විදේශිකයින්‌ දුන්‌ උපදෙස්වලින්‌ අප හෙම්බත් වී සිටිමු. එචැනි අතපෙවීම්‌ අපට අවශ්‍ය නැත. අපට අවශ්‍යය රටේ අවංක සංහිඳියාව සහ සංවධර්නයයි.

සිවිල්‌ සංවිධාන එකමුතූව

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්