නවතම පුවත්

මාර්තු උද්ධමනය 25% දක්වා ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙම මාසයේ උද්ධමනය සියයට 25 ක පමණ අගයක් දක්වා වර්ධනය විය හකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි .

මෙම මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 30 ත් 35 ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇති බවයි ඔහු පුරෝකථනය කරන්නේ. පසුගිය පෙබරවාරි මාසයේ මෙරට උද්ධමනය සියයට 16.8 ක් දක්වා ඉහළ ගිය අතර එය ආසියානු කලාපයේ රටවල් අතරින් වැඩිම උද්ධමන අගය ලෙස ද වාර්තා විය .

භාණ්ඩ වර්ග රැසක මිල ගණන් මෙම මාසය තුළ ඉහළ යාම උද්ධමනය තවදුරටත් වැඩිවීමට බලපාන බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මාධ්‍ය වෙත පැවසුවේ .

භාණ්ඩ හිගකම හේතුවෙන් මෙරට භාණ්ඩ මිල ගණන් තවත් වට කිහිපයකින් ඉදිරියේදී ඉහළ යා හැකි බව ද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දුන්නේය .

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව උද්ධමනය මැනීම සඳහා භාවිත කරන මිල ගණන් සහ පවතින භාණ්ඩ මිල ගණන් අතර විශාල වෙනසක් පවතින බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරින .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්