නවතම පුවත්

මාර්තු 10 පෙර පැමිණි පුද්ගලයන් ගෘහස්ත මට්ටමින් නිරෝධායන කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාර්තු 10 දිනට පෙර ලංකාවට පැමිණි පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු මේ වනවිට ගෘහස්ත මට්ටමින් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ එලෙස පැමිණි පුද්ගලයින් 4405 ක් සම්බන්ධයෙන් පසුවිපරම් සිදුකරන බවයි.

ඒ අතර ලාංකිකයින් 2769 ක් හා චීන ජාතිකයින් 1120 ක් වන බව ඔහු පැවසුවේ ය. එසේම පන්සල්, පල්ලි හා කෝවිල්වල පැවැත්වෙන විවිධ ආගමික උත්සව සඳහා යාමෙන් වළකින ලෙසත් එම ස්ථානවලට දෑත් සේදීම සඳහා සබන් හා විෂබීජනාශක ද්‍රවණයන් තැබීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටී.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, විදේශිකයින් ඇතුළු පුද්ගලයින් 1700කට අධික පිරිසක් දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 12 කට යොමුකර ඇති බවයි.

එසේම කොරෝනා වෛරසය පිළිබඳ මහජනතාවට අවශ්‍ය විමසීම් හා තොරතුරු දැනුම් දීම සඳහා 117 යන දුරකතන අංකය දැනුම් දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්