නවතම පුවත්

මාසයක් තුළ යකඩ මිල ලක්ෂයකින් ඉහළට!

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගතවූ මාසයක කාලයක් තුළ යකඩ ටොන් එකක මිල රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසයි.

මාසයකට පමණ පෙර යකඩ ටොන් එකක මිල සඳහන්ව ඇත්තේ රුපියල් 145,000ක් ලෙස වන අතර මේ වනවිට එය රුපියල් 265,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු කීය.

පාරිභෝගික සේවා අධිකාරිය සමඟ මෙම මිල පාලනය කිරීමට උත්සහ කළ ද එය කළ නොහැකිවී ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ රජය ගන්නා ඇතැම් තීරණ හමුවේ තම කර්මාන්ත පවත්වාගෙන යාමේ දුෂ්කරතාවක් මතුව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා.

“ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල මිල මෑතකාලීනව අතිවිශාල ලෙස ඉහළ ගිහින්. මාසයක් තුළ යකඩ ටොන් එකක මිල ලක්ෂයකින් පමණ ඉහළ ගිහින්. ප්‍රතිශතයයක් ලෙස ගත්තොත් 61%කින් ඉහළ ගිහින්. මේක පාලනය කරන්න ඕන. හැමදේටම කොවිඩ් අදාළ කරගන්න එපා. කොවිඩ් නිසා නෙමෙයි රුපියල අවප්‍රමාණය වුණේ. කොවිඩ් නිසා නෙමෙයි ඩොලරය වැඩි වුණේ. පාලනය නොකළොත් ඉදිරිකිරීම් කර්මාන්තය නැතිවෙයි. මොකද මේ බිලියන 40කට වැඩි මුදල් ලබාගන්න තියෙනවා. අදත් අමාත්‍යාංශ වහලා“

ලබන අයවැයට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ අදහස් ගැනීම මෙවර සිදුනොවූ බවත් තීන්දු තීරණ ගැනීමේදී එම කර්මාන්තකරුවන් සම්බන්ධ කරගන්නා ලෙසත් ඔහු කියාසිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්