නවතම පුවත්

කාන්තා ආරක්ෂාව පොලිස් කාන්තා ප්‍රධානීන්ට බාරදෙයි

Roshan

Roshan


දම්පත් රණසිංහ

ලංකාවේ කාන්තාවන්ට බියෙන් සැකෙයෙන් තොර ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය සැකසීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කාන්තා පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිධුරයට පත්ව සිටින ශ්‍රී ලංකා පොලීසියේ පළමු කාන්තා නිලධාරීන් සිව් දෙනා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකධූරයේ සිට සහකාර පොලිස් අධිකාරීධූරයන්ට උසස්වීම් ලැබූ කාන්තා නිලධාරීන් 12 දෙනා ඇමතිවරයාව මුණ ගැසීමට අමාත්‍යාංශයට ඊයේ පැමිණි අවස්ථාවේදී ඇමතිවරයා ඒ බව සදහන් කළේය.

“මහජන ආරක්ෂක අමාත්‍යංශය නිර්මාණය කළේ අතිගරු ජනාධිපතිතුමා ජනතාවට බියෙන් සැකෙයෙන් තොර සමාජයක් හදන්න. එවන් බියෙන් සැකයෙන් තොර සමාජයක ළමා අපචාර හා ස්ත්‍රී දූෂකයො ඉන්න බෑ. කාන්තාවන්ට නිදහසේ කටයුතු කරන්න පුලුවන් තත්වයක් හදන්න ඔිනේ. කාන්තාවට ගරුකරන සමාජයක අපරාධ සිදුවෙනවා අඩුයි. නියෝජ්‍ය පොලිස්පතිවරියන් සහ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් කාන්තාවන්ට බියෙන් සැකෙයෙන් තොර ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය සැකසීමට මූලිකත්වය ගත යුතුයි.” යැයි එම හමුවේදී සදහන් කරමින් ඇමතිවරයා අවධාරණය කරනු ලැබුවේ එම කාර්යයට තමා පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

“බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා අපරාධ අඩුකරන ලෝක ධර්මතා දෙකක්. ඒ තමා හිරි සහ ඔතප්. හිරි ඔතප් කියන්‍නේ අපරාධයක් කරන්න තියෙන ලැජ්ජ සහ භය. ඒ භය ඇති කිරිමට නම් අපරාධයක් කළ සැණින් අපරාධකාරයා අල්ලන්න පුලුවන් අපේ යාන්ත්‍රනය කඩිනමින් නිසියාකාරව මෙහෙය විය යුතුයි.” යැයිද ඇමතිවරයා එහිදී සදහන් කළේය.

” කාන්තාවන්ව බ්ලැක්මේල් කරන සිද්ධින්ට අදාලව අපි දැන් නිතිය සකස්කරගෙන යනවා. ඉතින් ඒවා පිළිබදව තමයි ඔබ කල්පනා කරල බලලා මට යෝජනා ඉදිරිපත් කරන්න ඔිනේ. අපේ රටේ ඉන්න කාන්තාවන්ට තමාගේ කාර්යයක් කාර්යාලයකදී හෝ බස් එකකදී හෝ දුම්රියේදි හෝ එහෙම නැත්නම් වෙන ගෙදරකදි හෝ බියෙන් සැකයෙන් තොරව කරගන්න පුලුවන් වටපිටාව නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබදව මට යෝජනා ඉදිරිපත් කරන්න. සියලු දෙනාටම සුභ පතනවා. පොලීසියේ මේ නව උසස් වීම් සමග යම්කිසි වෙනසක් කිරීමට අධිෂ්ඨාන කරගන්න” යැයිද අමාත්‍ය සරත් වීරසේකර මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්