නවතම පුවත්

මාස්ටර් ප්ලෑනකින් කොල්ලකෑ කෝටි 700 දියමන්තිය ගැනත් මධූෂ්ගෙන් ප‍්‍රශ්න කරයි

අසංක

අසංක

මාකඳුරේ මධූෂ් විසින් මීට කලකට පෙර මෙරට තුළදී කොල්ලකෑ රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින් යුත් දියමන්තිය පිළිබඳව ද මධූෂ්ගෙන් ඩුබායි පොලීසිය ප‍්‍රශ්න කරෙන බව වාර්තා වේ.
මෙම මංකොල්ලය සිදුවී තිබුණේ පසුගිය නොවැම්බර් 05 වැනිදා යි. එ් මහරගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබියදීය.
සෞදි අරාබියේ කේටරින් ආයතනයක රැුකියාවක් කරමින් සිටි මෙම ලාංකිකයා මෙරටට පැමිණ තිබුණේ රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින් යුත් දියමන්තියක් සමඟයි.
ඔහු එකල පවසා තිබුණේ එය ඔහු සේවය කළ සෞදි කේටරින් ආයතනයේ භූමියේ වැලි ගොඩක තිබියදී අහුලාගත් එකක් බවය.
ලංකාවට පැමිණි පසු මෙම ලාංකිකයා මහරගම ප‍්‍රදේශයේ පදිංචිව ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගොස් තිබේ.
පසුව මොහුට මෙම දියමන්තිය අලෙවි කොට මුදල් ලබාගැනීමට අවශ්‍ය විය.
ඕස්ටි‍්‍රයා ජාතිකයෙක්, ලාංකික සංචාරක මඟපෙන්වන්නකු සමඟ මෙම ව්‍යාපාරිකයාගෙන් දියමන්තිය මිලදී ගැනීමට පැමිණෙන්නේ මේ අතරතුරදීය.
විදේශිකයා, සංචාරක මඟපෙන්වන්නා ව්‍යාපාරිකයා සමඟ දියමන්ති ගනුදෙනුව පිළිබඳ සාකච්ඡුා කරමින් සිටියදී පොලීසියෙන් කියා පැමිණි සන්නද්ධ කණ්ඩායමක් එම නිවසට කඩාවැදිණ.
ඔස්ටි‍්‍රයානු ජාතික විදේශිකයා මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියමින් සන්නද්ධ කණ්ඩායම කර ඇත්තේ නිවැසියන් කාමරයක් තුළට දමා ෙදාාර වසා විදේශිකයා සමඟ මැණික ද රැගෙන යාමයි.
මේ පිළිබඳ විමර්ශනය කළ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන එ්කකය විසින් අනාවරණය කරගත්තේ මෙය මධූෂ්ගේ සැලසුමක් අනුව දියමන්තිය කොල්ලකෑම සඳහා සිදුවූ නාටකයක් බවය.
විදේශිකයා ඩුබායි සිට පැමිණ තබුණේ මධූෂ්ගේ ගෝලයකු සමඟයි.
මැණික කොල්ලකෑ පසුව විදේශිකයා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණේ කොල්ලකෑම සිදුවී පසුදිනම ය.
සංචාරක මඟපෙන්වන්නා ලෙස පෙනී සිටි මධූෂ්ගේ ගෝලයා, තවත් ගෝලයකු සමඟ අත්අඩංගුවට ගැනිණි.
මධූෂ් සම්බන්ධව ඩුබායි පොලීසියට ඔත්තුව දුන් පුද්ගලයා මෙම දියමන්ති කොල්ලකෑම පිළිබඳව ද පවසා තිබුණි.
මේ දියමන්තිය පිළිබඳවද මධූෂ්ගෙන් මේ වනවිට ප‍්‍රශ්න කරන බව වාර්තා වේ. ඩුබායිහි පිහිටි අවීර් පොලීසිය විසින් විමර්ශන පවත්වනු ලබයි.

ගයාන් කුමාර වීරසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්