නවතම පුවත්

රජය තවමත් මධූෂ් ඉල්ලා නෑ – ලියකියවිලිත් නීත්‍යනුකූලයි

අසංක

අසංක

ඩුබායි ප‍්‍රබල නීතිඥවරු 14ක් මධූෂ් වෙනුවෙන් සටනකඩුබායි ප‍්‍රබල නීතිඥවරු 14ක් මධූෂ් වෙනුවෙන් සටනක

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් නීතිමය දඬුවමින් නිදහස් කරගැනීම වෙනුවෙන් ඩුබායිහි සිටින ප‍්‍රසිද්ධම සහ ප‍්‍රබලම නීතිඥවරු 14 දෙනෙක් පෙනී සිටින බව වාර්තා වේ.

වැටලීම සිදුවූ මධූෂ්ගේ දියණියගේ උපන්දින සාදයේදී මත්කුඩු ජාවාරමක් නොව මත්කුඩු ලබාදීම හා භාවිත කිරීමක් පමණක් සිදුවී ඇති බවට එරට පොලිසීය තීරණය කර තිබේ.

එ් අනුව මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ වැරදි සඳහා එරට ලැබෙන දඬුවම අවුරුදු 4කි. එහෙත් එවැනි වරදකරුවකුට සිකුරාදා දිනට දින දෙකක් අඩුවීම, නබිතුමාගේ උපන් දිනට දින අඩුවීම ආදි දඬවම් දින අඩුවීමේ ක‍්‍රමය නිසා අවුරුදු දෙකහමාරකින් දඬුවම නිමා කොට නිදහස් විය හැකි බව පැවසේ.

මත්ද‍්‍රව්‍ය භාවිත කළ අයට දින අඩුවීමේ ක‍්‍රමයට අවුරුද්දයි මාස 2කින් නිදහස් විය හැකි බව සඳහන් ය. දඬුවම අවසන් කොට නිදහස් වූ අය මව්බිමට පිටුවහල් කිරීමට කටයුතු කෙරේ.

මේ අතර ඩුබායිහි රැුදී සිටීම සදහා මධූෂ්ගේ සියලූ ලියකියවිලි නීත්‍යනුකූල බව ද සදහන් ය. ශ‍්‍රී ලංකාවෙන් මධූෂ් පිළිබද කිසිදු චෝදනාවක් එරටට යවා නොමැති අතර මෙරටට අවශ්‍ය අපරාධකරුවකු බවට නීත්‍යනුකූලව ඉල්ලා නොමැති බව ද වාර්තා වේ.

දැනට සිදුවන්නේ ජාත්‍යන්තර පොලීසිය මගින් මධූෂ් කර ඇති වැරදි පිළිබ`ද හා ඔහුගේ කි‍්‍රයාකලාපය අධීක්ෂණය කිරීම පමණකි.

ගයාන් කුමාර වීරසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්