නවතම පුවත්

මාස තුනක් ඇතුලත , බලය බෙදීම ගැන තීරණයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයකදී රටට උදාකරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමඟ අද (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.

රටේ ආර්ථිකය බංකොලොත්වීම සහ තමන්ගේ අනාගතය පිළිබඳ තරුණ පරපුර නගන ප්‍රශ්නවලට දේශපාලඥයාගේ සිට පරිපාලන නිලධාරියා දක්වා සියලුදෙනාට පිළිතුරු දීමට සිදුවන බව පැවසූ ජනාධිපතිවරයා අතීතයේ වැරදි සිදු වුවද, සියලුදෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමෙන් එම වැරදි ආපසු හරවා ගැනීමට හැකියාව තිබෙන බව ද කියා සිටියේය.

රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ඇතැම් රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතා මුදල් තවදුරටත් අපතේ නොහැරිය යුතු අතර, අමාත්‍යාංශ ලේකම්වරුන් තම අමාත්‍යාංශ යටතේ ඇති සමාගම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා වෙනුවට රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතු බව ද කියා සිටියේය.

පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය බවත්, බිම් මට්ටමින් බලය බෙදාහැරීම පිළිබඳ ඉදිරි මාස දෙක තුන තුළදී තීරණය කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්