නවතම පුවත්

ලංකා ඉතිහාසයේ විශාලතම භාණ්ඩගාර බිල්පත් වෙන්දේසිය සාර්ථකයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (17) දිනයේ දී රු. මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකරන ලදී.

මෙය ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ මෙතෙක් සිදුකරන ලැබූ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව වේ.

අද දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 180,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබූ අතර රු. මිලියන 261,351 ක ලංසු ප්‍රමාණයක් ඒ සඳහා ලැබී තිබුණි.

ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 180,000 ක ලංසු පිළිගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලැබීය.

පසුගිය සතියේ වෙන්දේසිය හා සැසඳීමේ දී අද වෙන්දේසියේ දී එක් එක් පරිණත කාණ්ඩයන් සඳහා වූ බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි පහළ යාමක් වාර්තා වී ඇත.

ඒ අනුව දින 91 භාණ්ඩාගාර බිල්පත් පොළිය 25.88% සිට 25.47% ක් දක්වාත්, දින 182 බිල්පත් පොළිය 25.42% සිට 25.22% ක් දක්වා සහ දින 364 බිල්පත් පොළිය 23.14% සිට 22.79% ක් දක්වා පහළ ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්