නවතම පුවත්

මාස 19කට පසුව ඉන්දියාව සංචාරකයින්ට විවෘත වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාස 19 කට පසු ඉන්දියාව අද දින සිට යලිත්  සංචාරකයින් සඳහා  විවෘත කෙරිණ .

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ පහළ යාමත් සමඟ විදෙස් සංචාරකයින් සඳහා පැවති සීමා ලිහිල් කිරීමට ඉන්දියාව කටයුතු කර ඇත .

. ඒ අනුව අද සිට සෘජුව පැමිණෙන ප්‍රධාන පෙළේ ගුවන් යානාවලට සිය රටට සංචාරකයින් රැගෙන ඒමට ඉන්දියාව අවසර ලබාදී තිබෙ.

වාණිජ ගුවන් යානාවලින් පැමිණෙන සංචාරකයින්ට ඉන්දියාවට ඇතුලු වීමට අවසර ලබාදී ඇත්තේ නොවැම්බර් 15 වනදා සිටය.

කොරෝනා ව්‍යාප්තිය දැඩිවීමත් සමඟ ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට සංචාරක වීසා නිකුත් කිරීම අත්හිටුවීමට ඉන්දියාව තීරණය කළේය .

එහෙත් ඊට මාස කිහිපයකට පමණ පෙර සිට රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහ විදේශීය ව්‍යාපාරිකයින්ට යළි වීසා ලබාදීමටයි ඉන්දියාව තීරණය කළේය .

ඉකුත් වසරේ ඉන්දියාවට පැමිණ ඇත්තේ සංචාරකයින් මිලියන 02 යි දශම 7 යි 4 ක් පමණයි. එය 2019 ට සාපේක්ෂව සංචාරකයින් මිලියන 10 යි දශම 9 යි 3 ක අඩුවීමක්. මේ වන විට ඉන්දියාවේ ජනගහනයෙන් සියයට 70 කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව ලබාදී තිබෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්