නවතම පුවත්

සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට සිට තවත් ලිහිල්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හෙට දිනයේ සිට තවත් ලිහිල් කෙරේ . ඉකුත් පළමු වැනිදා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණේ ක්‍රමිකව රට නැවත විවෘත කිරීම සදහා වන අතර . එහිදී අදියර දෙකකට මාර්ගෝපදේශ නිකුත් කෙරින . ඒ, පළමුවනදා සිට 15 වනදා දක්වා එක් අදියරක් යටතේ හා 15 වනදා සිට 31 වනදා දක්වා දෙවන අදියර යටතේය.

ඒ අනුව පුද්ගලයින් දස දෙනෙකුගේ සහභාගිත්වයෙන් විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදුකළ හැකි බවට නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශය අදින් පසුව වෙනස් වේ,. එහිදී ලබන 31 වනදා දක්වා කාලය තුළ ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 50 ක් පිරෙන ආකාරයට උපරිමය පුද්ගලයින් 50 කට පමණක් සීමා වන පරිදි මංගල උත්සව පැවැත්විය හැකි වේ . එළිමහන් උත්සව පැවැත්වීමට එහිදී දිරිමත් කරන අතර මත්පැන් භාවිතයට තවදුරටත් අවසර හිමි නොවේ .

මීට අමතරව අද දිනය දක්වා ප්‍රකාශයට පත්කර තිබූ අවමංගල්‍ය උත්සව පැවැත්වීම, රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ පැවැත්වීම, පරිභෝජනය කරන අවන්හල් විවෘත කිරීම, සාප්පු, සිල්ලර කඩ, ෆාමසි, සුපිරි වෙළදසැල්, ගෘහ භාණ්ඩ ඇතුළු වෙළද සැල් විවෘත කිරීම, ව්‍යායාම ශාලා විවෘත කිරීම වැනි ක්ෂේත්‍ර වෙනුවෙන් පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අදින් පසුව ලිහිල් වීමට නියමිතය.

ක්‍රීඩා කටයුතු සදහා ද හෙට සිට නය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමටයි නියමිතව ඇත්තේ. කෙසේවෙතත් තවදුරටත් අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙකුත් අවශ්‍යතා සදහා අන්තර් පළාත් සංචරණ සීමාවන් ක්‍රියාත්මකයි. ඒ අනුව දිනපතා රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සදහා තවදුරටත් අවසර හිමි වන්නේ නැත .

.

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්