දම්පත් රණසිංහ
මහරගම ඇරැව්වලදී සොයාගත් කෝටි 700 දියමන්තිය ළග තබාගෙන සිටි මාකදුරේ මධූෂ්ගේ ගෝලයකු වූ කැලුම් ඉන්දික නමැත්තාට වෙඩි නොවදින ආරක්ෂාවක් යොදා සුරයක් සැකසූ දේවගැතිවරයාගෙන් පෑලියගොඩ පොලීසිය මේ වනවිට දීර්ඝ ලෙස ප්රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
මැටරඹ සතර මහා දේවාලයේ කපු මහතාගෙන් මෙලෙස ප්රශ්න කරනු ලබයි.
කැලුම් ඉන්දික නමැත්තාට රුපියල් ලක්ෂ 37ක වියදමින් නිර්මාණය කළ සුරය සකස් කර දී ඇත්තේ මෙම කපු මහතාය.
මොහු දැනට රූපවාහිනි නාළිකා කිහිපයකම ජෞතිෂ්ය වැඩසටහන් සදහා ද සහභාගි වනු දැකිය හැකිය.